
රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන Go – Pay 2025 වසරේදී සිදු කළ ඩිජිටල් ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවා ඇති බව ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා සඳහන් කරයි.

ඇමැතිවරයා කළ ප්‍රකාශයේ මෙසේද දැක්වෙයි.
ශීඝ්‍රයෙන් අනුවර්තන වීමේ හැකියාව, මහජන විශ්වාසය දිනා ගැනීම සහ රාජ්‍ය ආයතනවලින් ලද පිළිගැනීම හේතුවෙන් ඨද-ඡ්හ දින 45ක කාලයක් තුළ එහි ආදායම රුපියල් බිලියන 1 සිට රුපියල් බිලියන 2 දක්වා දෙගුණ කර ගැනීමට සමත්ව සිටියි.
2025 පෙබරවාරි 07 වන දින නිල වශයෙන් දියත් කළ දින සිට, මේ දක්වා ඨද-ඡ්හ ඩිජිටල් ගනුදෙනු 70,178 කට වඩා සිදු කර ඇති අතර, එමඟින් රාජ්‍ය ආයතන 221 ක් හරහා රාජ්‍ය සේවා 3,372කට ගෙවීම් පහසුකම ස්ථාපිත කර තිබේ. මෙම පද්ධතිය කෙරෙහි මෙරට පුරවැසියන් සහ රාජ්‍ය ආයතන යන දෙඅංශයේම පවත්නා විශ්වාසය මෙම වේගවත් වර්ධනය තුළින් පිළිබිඹු වේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපායමාර්ගික නායකත්වය යටතේ, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), LankaPay සමඟ ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කළ Go-Pay, ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් පොදු යටිතල පහසුකම්වල ප්‍රධාන සේවා සපයන්නෙක් බවට පත්ව සිටියි. සියලු දෙනාටම පොදුවේ කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු සේවාවක් සැපයීම සඳහා මෙම ඩිජිටල් වේදිකාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.
2025 අප්‍රේල් 10 වන දින Go-Pay, හරහා රථවාහන දඩ ගෙවීම් සඳහා මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. එතැන් සිට මේ දක්වා, මෙම පද්ධතිය හරහා රථවාහන දඩ ගෙවීම් 50,000 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර, එමඟින් රුපියල් මිලියන 66 කට වඩා ආදායමක් උපයා ඇත. මෙම සේවාව දැනට දකුණ, කටුනායක සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළුව බටහිර, දකුණ, උතුර, වයඹ සහ උතුරු මැද පළාත් පුරා ක්‍රියාත්මක වේ. මෙය 2025 දෙසැම්බර් මාසයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත් අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ව හේතුවෙන් කල් දැමුනු අතර, ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන් සහ LankaPay හි සහාය ඇතිව, 2026 ජනවාරි මාසයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එකඟතාව පළ කර ඇත.
සාමාන්‍ය රජයේ සේවාවලට අමතරව, ඨද-ඡ්හ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා ද සහාය විය. 2025 නොවැම්බර් 30 වන දින සිට, මෙමගින් Rebuilding Sri Lanka ආපදා සහන අරමුදලට ඩිජිටල් පරිත්‍යාග සඳහා පහසුකම් සැලසූ අතර, විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ආධාර ඇතුළුව ගනුදෙනු 909ක් හරහා රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් එම අරමුදලට රැස්කර දීමට සමත්ව තිබේ.




