
ජන මාධ්‍ය බිය කිරීම හෝ එයට විරුද්ධව ක්‍රියා කිරීම සිදු නොකර වැරදි පෙන්වා දී ඒවා නිවැරදි කිරීමට ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (26දා) කොළඹ දී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සභාපතිවරයා, ඇත්ත වශයෙන්ම සුනාමි අවස්ථාවේ සිදු වුණේ ශ්‍රී ලංකාව ලබාගන්නා දැනුම සහ තාක්ෂණය පිළිබඳ ප්‍රශ්න. ඒ නිසා තමයි ඒ හා සමාන විශාල මහා මිනිස් හානියක් සිදුවුණේ. ඒ වගේම මම දකිනවා සමහර අවස්ථාවල වැදගත් කරුණු කිව්වම නොතේරුම් කමට ඒවා විහිළු සහගත කරුණු බවට පත් කරනවා.

උදාහරණයක් හැටියට සුනාමි ආවම ජපානයේ වගේ රටවල් මුහුද අතෑරලා යන්නෙ නෑ. ජපානයේ තිබෙනවා සුනාමියෙන් පසුව මුහුදේ වර්ග කිලෝමීටර් ගණනක් ගොඩ කරලා හදපු ගොඩනැඟිලි. යම් ස්ථානයක සුනාමි රළ අඩි 10ක් ඉස්සිලා තිබුණොත් අඩි 12ක් 13ක් උසට කොන්ක්‍රීට් කණු ඉදි කරලා, යට හිස්ව තබා ගනිමින් ගොඩනැඟිලි ඉදි කිරීම සිදු කරනවා.
නමුත් අපිට එවැනි දෙයක් සිදුවුණාම තමයි අපි පියවර ගන්නේ. මේක තමයි ජාතියක් හැටියට අපේ තිබෙන අවාසනාවන්ත තත්ත්වය. අපි වැදගත් කරුණක් කිව්වම එයට අපහාස කරන්න, විහිළු කරන්න තමයි පුරුදු වෙලා තිබෙන්නේ. මේක ජාතියේ අවාසනාවක් හැටියටයි මම දකින්නේ. කොහොම නමුත් එදා මියගිය දහස් සංඛ්‍යාත ජීවිත සියලු දෙනාට අපේ ආගම අනුව නැවත නැවතත් එවන් තත්ත්වයකට මුහුණ නොදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම අද දවසේ තවත් වැදගත් කාරණයක් මම මතක් කරන්න කැමැතියි. අපිට පේනවා මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර ගෙනියනවා ජනමාධ්‍ය පාලනය කරන්නේ කෙසේද කියලා. ඉතින් අපි මතක තියාගන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමා වෙන්න කලින් විපක්ෂයේ කටයුතු කරන කාලයේ මේ රටේ ජනමාධ්‍යයට අවශ්‍ය කරන නිදහස ලබාදීමට අවශ්‍ය නීති රීති සම්මතය සඳහා සහයෝගය ලබා දී තිබෙනවා.
ඒ වගේම එතුමා තවත් වැදගත් දෙයක් කළා. ඒ තමයි තොරතුරු දැනගැනීමේ පනත ඇති කිරීම. ඒ පනතෙනුත් මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් සුරක්ෂිතභාවයට පත්වෙනවා. මොකද මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තිබේ නම්, මාධ්‍යයේ යුතුකම තමයි තොරතුරු දැන ගැනීම සඳහා ශ්‍රී ලාංකික මහජනතාව දැනුවත් කිරීම.
මනුෂ්‍යයන් උප්පත්තියෙන් කරන්නෙ වැරදි. ඒ වැරදි පෙන්වා දීමෙන් නිවැරදි කිරීමට කටයුතු කිරීමයි සිදුකළ යුත්තේ. එහෙම නැතුව ජනමාධ්‍ය බිය කිරීම, එයට විරුද්ධව ක්‍රියා කිරීම නොවෙයි. මාධ්‍ය ආයතනවලට තර්ජනය කරනවා නම් ඒක බරපතළ ඛේදවාචකයක්. ඒ ගැන අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරනවා.




