
ඉන්දියාවේ ආන්ද්‍රා – ඔඩිෂා දේශසීමාව උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට සිදුකරන ගංජා ජාවාරමක් පිළිබඳව ඉන්දීය පොලිසිය විසින් පළමුවරට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 08දෙනෙකු ආන්ද්‍රා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමත් සමඟය.
කාන්තාවක් විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර කුලී පදනම මත ලබාගත් නිවසක ගංජා ගබඩා කර තබා ගනිමින් මෙලෙස ශ්‍රී ලංකාවට ජාවාරම් කර ඇති බව සඳහන් වේ.
පොලීසිය විසින් වැටලීම සිදුකරන අවස්ථාවේ අදාළ නිවසේ තිබී ගංජා කිලෝග්‍රෑම් 74ක්, මෝටර් රථයක්, යතුරුපැදි දෙකක් මෙන්ම ජංගම දුරකතන කිහිපයක් ද සොයාගෙන ඇත.




