
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට කොළඹ ජාතික රෝහලේදී ප්රතිකාර කළ සහ වෛi වාර්තා නිකුත් කළ වෛiවරුන් 05 දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්න කර ප්රකාශ ලබාගෙන ඇත. පසුගිය දින කීපයේදී මෙම වෛiවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්රශ්න කිරීම් සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

රනිල් වික්රමසිංහ මහතා ජනපතිව සිටියදී ඉකුත් 2023 වර්ෂයේ එංගලන්තයේ ලන්ඩන් නුවර කළ සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
එම චෝදනාව මත හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කෙරිණි.
එහිදී හදිසි රෝගී තත්ත්වයක් බව කියමින් රනිල් වික්රමසිංහ මහතා බන්ධනාගාර රෝහලටත් එතැනින් කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කරනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ ප්රශ්න කර ඇත්තේ රනිල් වික්රමසිංහ මහතාව ජාතික රෝහලේදී ප්රතිකාර කළ වෛiවරුන් ගෙනි.




