
මොනරාගල පොලිසියට ලද තොරතුරක් මත මොනරාගල ප්‍රසිද්ධ ජාතික පාසලක් පිටුපස පවත්වාගෙන ගිය කසිප්පු පෙරීමේ මධ්‍යස්ථානයක් පොලිසිය මඟින් වටලා ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පාසල් ගුරුවරුන්, සිසුන්, අවට රජයේ කාර්යාලවල නිලධාරීන් ඉලක්ක කරගනිමින් කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස මෙම කසිප්පු තිප්පොළ පවත්වාගෙන ගොස් තිබේ.
එහි තිබී කසිප්පු බෝතල් සහ පෙරීමේ උපකරණ සොයාගෙන ඇති අතර කසිප්පු පෙරීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ගරාජ හිමියකු වන 52 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ගරාජය පවත්වාගෙන යන අතරතුරේ කසිප්පු පෙරා අලෙවි කිරීම සිදුකර තිබේ.
සැකකරු සහ නඩු භාණ්ඩ මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මොනරාගල මූලස්ථාන ප්‍ර.පො.ප ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.




