
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ගල හා දෙල්තොටවත්ත ගල්ලන්තැන්න පහළ කොටසේ ඇති ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල අසල විශාල වටිනාකමක් ඇතැයි සැක කරන කිලෝ ගණනාවක් බර මැණික් ගලක් යැයි විශ්වාස කරන පාෂාණයක් හමුවී ඇති බව ගලහ පොලිසිය පවසයි.

මෙම කෝවිල අසලට පැමිණි අයකු විවිධ වර්ණයන්ගෙන් යුත් ගලක් දැක ඒ බව පැවසීම නිසා මෙය සොයාගෙන තිබේ.
මෙම නාය නිසා නිවාස කිහිපයකට ද හානි සිදුවී කෝවිලට ද බරපතළ හානි සිදුව තිබුණි.
ප්‍රදේශවාසී වතු ජනතාව විසින් 2010 වසරේ සිට මුදල් එකතු කරමින් ඉතා අමාරුවෙන් මෙම කෝවිල ඉදිකර ඇත. වසර ගණනාවකට පසු මෙම වසරේ එළඹෙන මාර්තු මස එය විවෘත කිරීමට ද සැලසුම් කර තිබූ බව පැවසෙයි.
ඊට ප්‍රථම නාය යෑමෙන් මෙම කෝවිල විනාශ වූ අතර වතු ජනතාව ඒ පිළිබඳව ශෝකයෙන් පසු වෙද්දී මෙම වර්ණයන්ගෙන් යුත් මැණික් යැයි සැක කරන විශාල ගල හමුවී තිබේ.
දැනට මේ සඳහා ගලහ පොලිසිය ආරක්ෂාවට යොදවා ඇත. භූ විද්‍යා හා පතල් කාර්යාංශය හා මැණික් හා ස්වර්ණාභරණ ආයතන පැමිණ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද පැවසෙයි.




