
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂට හෙට (26) දින පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සිරිලිය ගිණුමක් පවත්වාගෙන යමින් මුල්‍ය වංචාවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවා ඇත.
මේ අතර සිරිලිය ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 350ක් වැය කර ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන ඇති බවට විමර්ශනයක් සිදු කරන ලෙස අල්ලස දූෂණය නාස්තියට එරෙහි සංවිධානය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කර ඇත.




