
‘සිරිලිය’ නමින් බැංකු ගිණුමක් පවත්වාගෙන යමින් ඒ හරහා රුපියල් කෝටි ගණනාවක මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට වෙනත් දිනයක් ලබාදෙන බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ඊයේ (27දා) පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම් දීමක් කර තිබිණි. එහෙත් පෞද්ගලික හේතුවක් මත තමන්ට ඊයේ එම කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බවත් ඒ සඳහා සති 2ක කාලයක් ලබාදෙන ලෙසත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබේ.




