
සිවිල් ආරක්ෂක භටයින් දසදහසක් දෙනා පොලිස් රාජකාරි සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් පාලිත ප්රනාන්දු මහතා පැවැසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ සඳහා රජයේ අනුමැතිය ඊයේ (29) ලැබුණු බැවින් ඉතා ඉක්මනින් එම අනුයුක්ත කිරීම සිදුකරන බව ද හෙතෙම පැවැසීය.
එම භටයින් පොලිස් රාජකාරි සඳහා අනුයුක්ත කළද ඔවුන්ට වැටුප් ගෙවීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදුකරන අතර, පොලිස් දෙපාර්තමේන්තුවෙන් එම භටයින්ට අතිරේක දීමනාවක් පමණක් ගෙවනු ඇත.
තවත් සිවිල් ආරක්ෂක භටයින් 5000 ක් දෙනා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇතැයි ද මේජර් ජෙනරල් ප්රනාන්දු පැවැසීය.




