
නිදහස යන වචනය හුදු වචනයක් නොව හිතට දැනෙන හැඟීමක් වියයුතු බව වෛද්‍ය ශාෆී ශිහාබ්දීන් පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“මේ දවස්වල රට යන විදිහ දැක්කාම අපට යම්කිසි විදිහකට අපේ ආගම සංස්කෘතිය සම්බන්ධව අපේ දේවල් ගැන කතා කරද්දි හැමෝම ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහට නිදහස කියන එක හැඟීමකින් යුතුව භුක්ති විඳින්න නුදුරේදීම අවස්ථාව ලැබෙනවා කියලා මම හිතනවා.
ඒ හින්දා ලංකාවේ ජීවත් වන සියලු ජනතාවට එක විදිහට සලකන පරිසරයක් හැදීගෙන එනවා. අපි මේක ජාති ආගම් සීමාවලින් ඔබ්බට ගිහින් ශ්‍රී ලාංකික ජාතියක් විදිහට හදවතින්ම සමරන්න ඕන.
අනාගත පරපුරට ලස්සන ලංකාවක් හදලා දෙන්න අපි ඔක්කෝම එක අම්මාගේ දරුවෝ වගේඑකතු වෙලා වැඩ කරමු කියන පණිවිඩය මම ලබා දෙන්න කැමතියි.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ 78 වන නිදහස් දිනය පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අදහස් දක්වමිනි.




