
ආණ්ඩුව භාරගත්තේ අපරාධවලින් ගහන රාජ්‍යයක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එම රාජ්‍ය තුළ විශාල අපරාධ ප්‍රමාණයක් සිදුව ඇති හෙයින් උගන්ඩාවේ පමණක් එල්ලී සිටිය යුතු නැති බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.
මේ වන විට ඩුබායි ඇතුළු සෙසු රටවල ඇති මුදල් ගැනත් විමර්ශන සිදුවන බවත් නාමල් රාජපක්ෂ කිසිම අවස්ථාක ඩුබායි රටේ ඇති මුදල් ගෙන එන ලෙස අභියෝග කර නැතැයිද නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ දේශපාලකයන්ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
ඇමති නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් මාධ්‍ය උගන්ඩාවේ ඩොලර් 18 මෙරටට රැගෙන එන දිනය විමසූ අවස්ථාවේය.




