
අමෙරිකාවේ ටෙක්සාස් ෆෝට්වර්ත් හි වැඩවසන පූජ්‍ය පඤ්ඤාසාර හිමියන් ඇතුලු දූත පිරිසක් මෙරටට වැඩම කිරීමට නියමිතව තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය පඤ්ඤාසාර හිමියන් පවසන්නේ, එළඹෙන අප්‍රේල් මාස අගභාගයේදී එම පිරිස මෙරටට පැමිණීමට සූදානමින් පසුවන බවයි.
එම ගමනේදී සර්වඥ ධාතූන් වහන්සේලා සහ ශ්‍රී මහා බෝධියේ අංකුරයක් අමෙරිකාවට වැඩම කරවීමට සැලසුම් කර ඇතැයි ද උන්වහන්සේ පවසති.
ශ්‍රී මහා බෝධියේ අංකුරය අමෙරිකාවේ රෝපණය කරන බවත්, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සැදැහැවතුන් සඳහා ප්‍රදර්ශනය කරන බවත් පූජ්‍ය පඤ්ඤාසාර හිමියෝ වැඩිදුරටත් පවසති.




