
ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් අනතුරට පත් වූ අනතුරට පත්වූ ඉරාන නැවේ සිටි අයගේ ජීවිත බේරා ගැනීමට ලංකාව මැදිහත් වූ බව විදේශ අමාත්‍යය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අදාල අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍යවරයා මෙසේද කීය.
අපේ මුහුදු සීමාවට ඔබ්බෙහි ඉරාන නෞකාවක් තිබුණා.ඒ නෞකාව ගිලෙනවා කියන පණිවිඩය අද ලැබුණා. අපි උදෑසන හයවන විට ඊට මැදිහත් වුණා. ගුවන් සහ නාවික හමුදාව මැදිහත් වී දැඩි අනතුරට ලක්ව සිටි තිස් දෙනෙක් බේරා ගත්තා.එම නෞකාවේ එකසිය තිහක් සිට තිබෙනවා.
දැඩි අනතුරක සිටි තිස් දෙනා මේ වන විට කරාපිටිය රෝහලට රැගෙන වී තිබෙනවා.
අපේ මුහුදු සීමාවට ඔබ්බෙන් නැවකට අනතුරක් වුණොත් මානුෂීය වශයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට අප බැඳී සිටිනවා.අප පැහැදිලිව ඒ මැදිහත් වීම කළා යැයි විදේශ අමාත්‍යවරයා කීය.




