
ඉරානය සමඟ සටනේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවෙන් උදවු ඉල්ලන්නේ නම්, අකමැත්තෙන් වුවත්, උදවු ලබා දීමට පියවර ගන්නා බව කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නේ පවසා ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
‘ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, ලෝකයට හානි කළ හැකි ආකාරයේ විනාශකාරී අවි නිපදවීමට උත්සාහ ගන්නවා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය එසේ කරනවා නම් ඒක වැරදියි.
එසේ වීම වැලැක්වීමට ඇමෙරිකාව ප්‍රහාර ආරම්භ කර තිබෙනවා ඒකට කැනඩාවේ සහාය හිමිවේවි.’ යැයි අග්‍රාමාත්‍ය කාර්නි පැහැදිලි කර ඇත.
කැනඩා අග්‍රාමාත්‍ය කර්නි, මේ වනවිට සිටින්නේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරය. ඒ, ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් ආරම්භ කරමින් එරට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් හමුවෙමිනි.




