
ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා පාකිස්තාන රජය විසින් හදිසි තීරණ කිහිපයක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැදපෙරදිග පවතින ගැටුම් හමුවේ බලශක්ති සැපයුමට එල්ලවන තර්ජන නිසාවෙන් ඉන්ධන සංරක්ෂණය කිරීම සහ කලාපීය ගැටුම් මඟින් ඉන්ධන සැපයුමට සිදුවිය හැකි බාධා කළමනාකරණය කිරීම සඳහා මෙම තීරණ හඳුන්වා දුන් බව පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මහතා උපුටා දක්වමින් විදෙස් වාර්තා මේ බව සඳහන් කරයි.
ඒ අනුව තාවකාලිකව පාසල් වසා දැමීම, රජයේ ඉන්ධන දීමනා අඩුකිරීම සහ රජයේ කාර්යාල සඳහා දින හතරක වැඩ සතියක් සඳහා ක්‍රියාත්මක කිරීම ආදි ඉන්ධන කප්පාදු පියවර මාලාවක් පාකිස්තාන රජය විසින් හඳුන්වා දී ඇත.
ඒ අනුව මාර්තු 16 වන දින සිට රට පුරා සියලුම පාසල් සති දෙකක් වසා තබන අතර, විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වහාම මාර්ගගත ක්‍රම වෙත ඉගැන්වීම් කටයුතු මාරු කර තිබේ.
මේ අතර රජයේ දෙපාර්තමේන්තු සඳහා ද ඉන්ධන දීමනාව 50%කින් අඩු කර ඇතැයි ද එරට අගමැතිවරයා පවසා තිබේ.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ පකිස්තාන රජය විසින් රජයේ සේවකයින් අඩකට දුරස්ථව වැඩකිරීමට අවස්ථාව ලබාදීමට නියමිතය.
තවද බැංකු හැර අනෙකුත් රජයේ කාර්යාල සතියකට දින 4ක් ක්‍රියාත්මක කිරීමට ද පාකිස්තාන රජය තීරණය කර ඇතැයි එරට අගමැති ෂෙබාස් ෂරීෆ් මහතා පවසා තිබේ.
පාකිස්තානය ආනයනික ඉන්ධන මත දැඩි ලෙස රඳා පවතින අතර රටක් වන නිසාවෙන් ඉන්ධන සැපයුම රට තුළ කළමනාකරණය කරගැනීමට මෙම පියවර ක්‍රියාත්මක කිරීමට එරට රජයේ අවධානය යොමු ඇත.




