
සිංහල අලුත් අවුරුද්ද මෙරට ඉතාම වැදගත් සංස්කෘතික උත්සවයක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එය නැකැත් සමග බැඳී ඇති බවත් ජ්‍යෙතීර්වේදීන් එම නැකැත් ඉදිරිපත් කළ විට ප්‍රකාශයට පත්කිරීම සංස්කෘතික අමාත්‍යංශයේ කාර්ය බවත් ඔහු පෙන්වා දෙයි.
එම ජ්‍යෙතීර්වේදීන් ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති නොකර නැකැත් සාදා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමති නලින්ද ජයතිස්ස මේ බව කීය.




