
වර්තමානයේ රටේ සියලුම ක්ෂේත්ර මුහුණ පා සිටින දැඩි අර්බුදකාරී තත්ත්වයත් සමඟ භාණ්ඩ රැසකම මිල ගණන් වැඩි වීම දක්නට ලැබුණා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එවන් පසුබිමක පවතින ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඉදිරියේදී මත්පැන් මිල ගණන් ද සංශෝධනය වීමක් සම්බන්ධයෙන් සමාජ තුළ විවිධ අදහස් මතු වී ඇත.
ඒ අනුව මත්පැන් නිශ්පාදකයින් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල වැඩිකිරීම හමුවේ මත්පැන් මිල වැඩි කිරීමට සිදුවූවත්, මිල වැඩි කළහොත් දැනට තියන අලෙවියට ගැටලුකාරී තත්වයක් උදා විය හැකි බවයි.
ඒ නිසා කිසිවෙකුත් මේ වන තෙක් ඒ ගැන විශේෂ තීරණයක් ගෙන නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ.




