
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා රාත්‍රියේ XIV වැනි ලියෝ පාප්වහන්සේට එරෙහිව අසාමාන්‍ය විවේචනයක් ඉදිරිපත් කළේය.

එක්සත් ජනපදයේ උපන් ලියෝ පාප් වහන්සේ “ඉතා හොඳ කාර්යයක් කරන” බව තමා නොසිතන බවත්, “ඔහු ඉතා ලිබරල් පුද්ගලයෙක්” බවත් පවසමින්, පාප් වහන්සේ “රැඩිකල් වාමාංශික පාර්ශ්වයන්ට සේවය කිරීම නැවැත්විය යුතු” බව ද ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍ය සටහනක වැඩිදුරටත් අදහස් දක්වමින් ට්‍රම්ප් පවසන්නේ,”මම ලියෝ පාප් වහන්සේගේ රසිකයෙක් නොවේ” යනුවෙනි.
ඉරානය සම්බන්ධව පාප්වහන්සේ “සර්වබලධාරිත්වය පිළිබඳ මුළාවකින්” යුද්ධයට ඉන්ධන සපයන බවටද ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කළේය.
පාප්වරුන් සහ ජනාධිපතිවරුන් අතර එදිරිවාදිකම් අසාමාන්‍ය දෙයක් නොවූවත්, පාප් වහන්සේව එක්සත් ජනපද නායකයකු විසින් සෘජුවම විවේචනය කිරීම අතිශයින් දුර්ලභ ය.
“පාප් ලියෝ අපරාධ අතින් දුර්වලයි, විදේශ ප්‍රතිපත්ති අතින් භයානකයි,” ජනාධිපතිවරයා ඔහුගේ සටහනේ ලියා ඇති අතර, “ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබීම සුදුසු යැයි සිතන පාප්වරයෙකු මට අවශ්‍ය නැහැ” යනුවෙන් ද පැවසීය.
“න්‍යෂ්ටික අවියක් තිබීම සුදුසු යැයි පවසන පාප්වරයෙකු අපට කැමති නැහැ” යනුවෙන් වාර්තාකරුවන්ට අදහස් දක්වමින් ඔහු එම හැඟීම නැවත නැවතත් පැවසීය.




