
බඩු මිල ඉහළ යාම හේතුවෙන් රටේ ජනතාව බොහෝ සේ අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එනිසා ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව විසින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළත් දරාගත නොහැකි ලෙස විදුලිබිල, ඉන්ධන, ගෑස් සහ ආහාර මිල ඉහළ ගොස් ඇති බවද සඳහන් කරයි.
බඩු මිල වැඩිවීමට ලබා දෙන විසඳුම ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ප්‍රශ්න කරන බවත් මේ අවස්ථාවේ තෙල්, ගෑස්, විදුලි බිල, බඩු මිල, පොහොර සහ ඖෂධ මිල අඩු කිරීම සිදුවිය යුතු බවද සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරයි.




