
රටක් ගෙන යාමට බදු අවශ්‍ය බව වැවිලි කර්මාන්ත හා වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
නමුත් පසුගිය කාලසීමාවේ සිදුවූයේ බදු සොරකම් කිරීම බව ජනතාව දන්නා බවද ඔහු පැවසුවේය.
නමුත් දැන් බදු මුදල් සාධාරණ ලෙස ජනතාව වෙතම යොදන බව ජනතාව තේරුම් ගෙන ඇති බවත් හෙතෙම කියා සිටියි.
එනිසා බදු පනවන්නේ ජනතාව පීඩාවට පත් කිරීමට නොවන බවත් ජනතාව දන්නා බවද කී ඔහු ට පසුගිය කාලසීමාන්නේ සැලකිය යුතු බදු අඩු කළ බවද ජනතාව තේරුම් ගෙන ඇති බවද කියා සිටියේය.
උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.




