
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට රජය ගත් තීරණය පිළිබඳව තමන් සතුටු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහ්මාන් මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ජාතික ජන බලවේගය තුළ වගකීමක් භාර දීමට තරම් සුදුසු පුද්ගලයන් නොමැති බව මෙම පත්වීම හරහා ආණ්ඩුවම පිළිගෙන ඇති බවයි.
එරාන් වික්‍රමරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති බවත්, ඔහු ක්‍රීඩාව පිළිබඳ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්රය පිළිබඳවත් මනා දැනුමක් ඇති පුද්ගලයෙකු බවත් මූජිබර් රහ්මාන් මහතා මෙහිදී සිහිපත් කළේය.
ජාතික ජන බලවේගයට වඩා සමගි ජන බලවේගය තුළ ප්‍රධාන වගකීම් දැරිය හැකි, දක්ෂ පිරිසක් සිටින බව වර්තමාන රජය විසින්ම මෙවැනි පත්වීම් හරහා සනාථ කර ඇති බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
සුදුස්සාට සුදුසු තැන ලබා දීමේදී ආණ්ඩුවට තම පක්ෂයේ සහාය පැතීමට සිදුවීම විශේෂත්වයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.



