
කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් කිසිදු තර්කයකින් තොරව දැඩි සැකයක් පවතින බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් පත්වන රජයක් යටතේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් ලබා දෙන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
පොලිස් දෙපාර්තමේන්තුව සහ ස්වාධීන කොමිෂන් සභා මේ වනවිට සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති බවත් වත්මන් පද්ධතිය තුළ යුක්තිය ඉටුවීම පිළිබඳ විශ්වාසයක් නොමැති බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
අල්ලස් කොමිසමේ අධ්යක්ෂවරයා විසින් මීට පෙර කපිල චන්ද්‍රසේනට බලපෑම් කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නම් ප්‍රකාශ කරන ලෙස බල කළ බවට දිවුරුම් පෙත්සමක් මගින් හෙළි වී ඇති බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.




