
වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධාන කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ, කම්කරු අමාත්‍ය මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සිදු කළ ඉල්ලීමට අනුවය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන මේ මස 10 වෙනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා පසුගිය පළමුවෙනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.




