
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695ක මුදලක් ලබා දී ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ සමග මහා භාණ්ඩාගරයේ මුදල් සංචිතය මෙන්ම විදේශ සංචිතයද ඉහළ ගොස් ඇතැයි නි. ඇමතිවරයා පෙන්වා දෙයි.
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වන බවට පසුගිය සති කිහිපයේ ගොඩනඟන ලද ප්‍රවාදයද මේ සමග බිඳ වැටෙන බවයි, ඇමති අනිල් ජයන්ත අවධාරණයේ කළේ.




