
නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ලබන 16 වැනි දින අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම ට කැඳවා ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
2006 දෙසැම්බර් 14 දින නාවික හමුදාවට බැඳී ඇති යෝෂිත රාජපක්ෂට එරෙහිව කොමිසමට ලැබුණු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ඇති බව පැවසේ.
නාවික හමුදාවට ඇතුළත් කරගැනීමේදී සලකා බැලූ අධ්‍යාපන සුදුසුකම්, නාවික හමුදාව තුළ ඔහුට ලැබුණ විදේශ පුහුණු පාඨමාලා නීතියට පටහැනිව සිදුකර ඇති බවට ලැබුණු පැමිණිලි අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශන දූෂණ විරෝධී පනත අනුව ආරම්භ කර ඇත.




