
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දේශපාලන කටයුතුවලට පැමිණෙනු ඇති බවත්, ජනාධිපතිවරණයට තරග වදිනු ඇති බවත්, විපක්ෂ කණ්ඩායම් එය ඉල්ලා සිටින්නේ ඔහු වෙනුවෙන් නොව මේ රටේ මිනිසුන් වෙනුවෙන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව, ඔහු හිටපු ජනාධිපතිවරයෙක් නිසා යළි පාර්ලිමේන්තුවට ගොස් ඵලක් නොමැති බවත්, රට යළි භාරගෙන ගොඩ නඟනවා මිස, යළි පාර්ලිමේන්තු ගොස් කතා පැවැත්වූ පමණින් ගැටලු විසඳීමක් සිදුනොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.
රටේ ගැටලු විසඳීමට නම් රට රනිල්ට භාරදිය යුතු බවද, ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද, රටේ ජනතාවට ඉවසීමේ සීමාවක් ඇති බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියා.




