
රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීමට ගැටලුවක් නොවන බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර පවසනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව එලෙස නීතිය ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇඬීමක් හෝ කෙඳිරිගෑමක් සිදු නොකරන බව ද ජන හමුවක් අමතමින් මන්ත්රීවරයා සඳහන් කළා.
නමුත් මේ වන විට සුරේෂ් සලේගේ පරිගණකයේ මුරපද ඉල්ලා සිටින බවත්, ඔහුගේ පරිගණකයේ බුද්ධි තොරතුරු රැසක් තිබෙන්නට හැකි බවත්, එයට අත තැබීම යනු රටේ සම්පූර්ණයෙන්ම යුද්ධයට සම්බන්ධ වූ කාරණා ලෝකයට හෙළිවීම බවත් ඔහු සඳහන් කළා.
ත්රස්තවාදී ක්රියා සම්බන්ධයෙන් ඉතිහාසයේ රැස් කරන ලද බුද්ධි තොරතුරු විවෘත කිරීමට සූදානම් වන බව ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්රකාශ කළා.




