
තෙල්දෙනිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් ඔහුව අත්අඩංගුව ගෙන ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මේ අතර, මීට පෙර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවෙකු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී ඇත.
පසුගිය 17 වනදා තෙල්දෙනිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී භෞත චිකිත්සකවරියගේ මළ සිරුර සොයාගෙන තිබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ගෙල සිර කිරීමකින් මෙම මරණය සිදුකර ඇති බවයි.




