
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය යෙදවීමට සිදුවූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ඒ අනුව ඒ මහතා සඳහන් කර සිටියේ, වෙඩිතැබීමක් සිදුකිරීමට සිදුවූ බවය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් මේ වනවිට දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.
නොසන්සුන්තාව පාලනය සඳහා කඳුළු ගෑස් ප්රහාරද එල්ල කිරීමට සිදුවිය.




