
කාන්තාවන් තරම් හොඳට වෙන කිසිවකුට කතා කිරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
පිරිමින් වචන තුන්සීයක් භාවිතා කරද්දී කාන්තාවන් වචන 1500ක් පමණ භාවිතා කරන බවත් ඇය කියා සිටියාය.
එනිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පණිවිඩයක් ගෙන යා හැකි හොඳම දක්ෂණ කණ්ඩායමද කාන්තාවන් බවත් ඇය පැවසීය.
මෙවර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු පෙළපොතක් අලුතින් හඳුන්වා දීමක් නොවන බවත් පද්ධතියක් සහමුලින්ම වෙනස් කිරීමක් බවද ඇය කියා සිටියාය.
මෙහි අයිතිය ගැනීමට කවුරුන් දැගළුවද එහෙත් ඊට ප්‍රශ්නයක් නැති බවත් අයිතිය තමන්ට අවශ්‍ය නැති බවත් ඇය තවදුරටත් කියා සිටියාය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලද්දේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රත්නපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.




