
හිටපු අමාත්‍යවරයෙකු වන ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය හදිසි අනතුරකට ලක්ව අද (19) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 55 වන වියේ පසුවූ දෙදරු මවකි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටීම හේතුවෙන් ඇය මෙම බරපතළ අනතුරට මුහුණ දී ඇත. අනතුරෙන් පසු බරපතළ තත්ත්වයෙන් පසුවූ ඇයව වහාම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
අභාවප්‍රාප්ත දේශානි ගුණරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සඳහා තණමල්විල පිහිටි ඇයගේ නිවස වෙත රැගෙන යාමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.




