
අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතය තුළ එල්ටීටීඊ (LTTE) පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකළ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වීඩියෝ සහ මාධ්‍ය සාකච්ඡා හරහා ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (TID) මඟින් ඊයේ (2026 අගෝස්තු 18) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත ප්‍රකාරව ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇත.




