
කසංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය හා ඇතැම් පාර්ශව අතර ප්‍රචාරය වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තහවුරු කරයි.

ඊයේ (18) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, විදේශයන්හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන නමුත්, කංජිපානි ඉම්රාන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
කෙසේවෙතත්, අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වූ රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය ක්‍රියාපටිපාටිය මේ වන විටත් සාර්ථකව සිදු වෙමින් පවතින බවත්, ආරක්ෂක හේතූන් මත ඊට අදාළ සංවේදී තොරතුරු ජනමාධ්‍ය වෙත හෙළිදරව් කළ නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




