
වත්මන් ආණ්ඩුව එල්ල කරන පීඩනය සහ ගොනුකර ඇති නඩු ප්‍රමාණය හමුවේ විපක්ෂයේ දේශපාලඥයින්ට එළිපහට බැස ක්‍රියාකාරී වීමට නොහැකි වී ඇති බවත්, රට තුළ ප්‍රබල විපක්ෂයක් නිර්මාණය නොවීමට ප්‍රධාන හේතුව එය බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ පවුල් සහ දරුවන් සිටින දේශපාලඥයින් ආණ්ඩුවේ මෙවැනි ක්‍රියාමාර්ග හමුවේ බියෙන් පසුවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා, “ඉතිහාසය පුරාම රටේ වැඩකරන ආණ්ඩුවක් හමුවේ ඊට එරෙහිව ප්‍රබල විපක්ෂයක් ක්‍රියාත්මක වුණා. නමුත් අද එහෙම එකක් නැහැ. ඒකට හේතුව ආණ්ඩුවෙන් එල්ලවන අධික පීඩනය සහ නඩු ප්‍රමාණයයි. දේශපාලඥයන්ටත් පවුල්, දරුවන් ඉන්නවා, ජීවත්වීමේ ආසාවක් තියෙනවා. මේ වගේ තත්ත්වයක් හමුවේ ආණ්ඩුවට එරෙහිව බය නැතුව එළියට එන්න පුළුවන් එක්කෝ තනිකඩයෙකුට, නැත්නම් පිස්සෙකුට විතරයි,” යනුවෙන් ප්‍රකාශ කළේය.




