
ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව අද (16) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ නඩුව කැඳවීමෙන් අනතුරුව, එය යළි ලබන 30 වැනිදා කැඳවීමට අධිකරණය නියෝග කළේය.
මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ලබාදී තිබූ ජනාධිපති සමාව බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබූ පසුබිමක මෙම නඩුව අද කැඳවීම විශේෂත්වයක් විය.
මීට පෙර අධිකරණය හමුවේ පෙනී නොසිටි ඥානසාර හිමියන් අද (16) නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.




