
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකරුවෙකු ලෙස නම් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින නාමල් රාජපක්ෂ මහතා, මීට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ලබාදුන් නියෝගයකට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බවට චෝදනා කෙරෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති මුදල් විශුද්ධිකරණ විමර්ශනයකට අදාළව නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.
නීතිපතිවරයාගේ උපදෙස් මත නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට පියවර ගෙන ඇති අතර, ඔහු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මීට පෙර නියෝග කර තිබුණි.
මේ අතර, එයාර්බස් ගනුදෙනුවට අදාළ වෙනත් චෝදනා සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, එම නඩුවේ මීළඟ කැඳවීම සැප්තැම්බර් 18 වැනිදාට නියමිතව ඇත




