
ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ඉහළම අගයක පවතින්නේ ශ්‍රී ලංකාවේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
එම අගය සියයට 43කි.

වසර 13ක පාසල් කාලයත්, ඉන් පසු උසස් අධ්‍යාපනයත් සාර්ථකව නිම කරන මෙරට උගත්, බුද්ධිමත් සිසු ප්‍රජාවේ මීළඟ අපේක්ෂාව වන්නේ රැකියා සිහිනය යථාර්ථයක් කරගැනීමය.
එහෙත් රට තුළ රැකියා විරහිත උපාධිධාරීන් දිනෙන් දින වැඩීවීම ඛේදනීය තත්ත්වයකි.
මෙය අනාවරණ වන්නේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලැබූ රැකියා විරහිත තරුණ තරුණියන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එළිදැක්වූ වාර්තාවක් හේතුවෙන්ය.
එම වාර්තාවට අනුව ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලැබූ වයස අවුරුදු 15ත් 24ත් අතර ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ විරැකියා අනුපාතය සියයට 43කට ආසන්න අගයකි.
ආසියානු රටවල් සමග සන්සන්දනය කරද්දී එහි වැඩිම ප්රතිශතයක සිටින්නේ ශ්‍රි ලංකාවයි.
ඉන්පසු ඉහළ අගය වාර්තාවන්නේ ඉන්දියාවෙනි.
ඉන්පසු ඉන්දුනීසියාව, මැලේසියාව ,බංග්ලාදේශය වැනි රටවල්වල තරුණ තරුණියන්ද මෙම ගැටලුවට මුහුණ දී ඇතැයි වාර්තාව පෙන්වාදෙයි.
එහි වැඩිදුරටත් දක්වා තිබෙන්නේ ලෝකයේම බොහෝ රටවල ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිතව බිලියන 1.2ක් පමණ තරුණ තරුණියක් රැකියා වෙළෙඳපොළට පිවිසියත් ලෝකයේ නව රැකියා අවස්ථා බිහිවෙතැයි අපේක්ෂා කරන්නේ මිලියන 500ක් පමණ බවය.




