
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදු වන්නේ රටේ පවතින නිදහස සහ ප්රජාතන්ත්රවාදය අහෝසි වීමේ ආරම්භය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම සංශෝධනය හරහා වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පරිදි ඒකපාර්ශ්වික පාලනයක් බිහි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
1971 සහ 1989 වසරවලදී බලය ඇල්ලීමට නොහැකි වූ අය, පාර්ලිමේන්තු ක්‍රමය හරහා එම අරමුණ ඉටු කර ගැනීමට උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළා.
ජාතික ජන බලවේගය තුළ ප්රජාතන්ත්රවාදය හා රට ගැන සිතන, තමන්ගේ හදවතට එකඟව තීන්දු ගන්නා පිරිසක් සිටී නම්, මේ මොහොතේ නිවැරදි තීන්දුවකට එන ලෙසට ඉල්ලා සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.




