
‘ද ඕවල්’ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයේදී එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 355ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් විය.
පන්දුවාර 50 අවසානයේ එංගලන්තය මෙම ලකුණු ලබාගත් අතර, ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් පන්දු 105කින් ලකුණු 126ක් රැස් කළේය.
නායක හැරි බෘෘක් පන්දු 66කින් ලකුණු 77ක් ලබා ගනිමින් එංගලන්ත ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ සචින්දු කොළඹගේ ලකුණු 71කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
තරඟ 3කින් යුත් මෙම එක්දින තරඟාවලිය 1-1ක් ලෙස සම මට්ටමක පවතින පසුබිමක, කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.




