
දේශප්රේමය යනු සිංහල භාෂාවේ වැඩිපුරම අපයෝජනය වූ වචනයක් බවද දේශප්රේමයට මුවා වී මේ රටේ නොකළ යුතු සියල්ලම පිරිසක් විසින් සිදුකර ඇතැයිද ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නජිත් ඉන්දික පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔවුන් දේශප්රේමය පිළිබඳ කතා කරමින් රට බංකොලොත් වන තුරු මුළු දේශයම හූරාගෙන කෑ බවත් සියලු අපරාධ කළ බවත් මන්ත්රීවරයා ප්රකාශ කරයි.
විජය කුමාරතුංග, මහින්ද රාජපක්ෂ ආදීන් දේශපාලන පළිගැනීම් ලෙස සිරගත වූ අවස්ථාවල දෑත් ඔසවා මාංචු ප්රදර්ශනය කරමින් එළියට ආවද දැවැන්ත හොරකමක් සිදුකර අල්ලස් ලබා ගෙන සිරගතවූ විට එලෙස මාංචු ප්රදර්ශනය කළ හැකිදැයි නජිත් ඉන්දික ප්රශ්න කරයි.




