
තැපැල් සේවකයන්ට අතිකාල මදි නම් වෙනත් තැනක සේවයට යා හැකි බව කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛi නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජය විසින් අතිකාල වැඩි කරන්නෙත් නෑ. ඇඟිලි සලකුණු තැබීම ක්‍රියාත්මක කිරීම ඉවත් කරන්නෙත් නෑ. මේ දෙකම අපි ක්‍රියාත්මක කරනවා. මේ සමග එකඟ වන තැපැල් සේවකයෝ ඉතුරු වේවි. ඇඟිලි සලකුණු තැබීමට අකමැති නම් ඇඟිලි සලකුණු තැබිය යුතු නැති තැනක සේවයට යන්න පුළුවන්. රජය මේ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක ඉන්නවා.” යැයිද ඇමැති නලින්ද ජයතිස්ස මහතා කීවේය.
නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති කැබිනට් තීරණ ගැනීමේදී මේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
මේ නිසා තැපැල් සේවකයන් සමග සාකච්ඡා කළ හැක්කේ පවතින අතිකාල වැටුපට සහ ඇඟිලි සලකුණු තැබීම පිළිගතහොත් පමණක් බවද, දැනට නිවාඩු අවලංගු කර ඇති තැපැල් සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය ඊළඟ තීන්දුව ගන්නා බවද ඇමැති නලින්ද ජයතිස්ස කියා සිටියේය.
තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් 19න් 17ක් මේ වනවිට රජය විසින් ඉටුකරමින් සිටින බවද තැපැල් දෙපාර්තමේන්තුව තවමත් පාඩු ලබන නිසා එසේ තිබියදී අසාධාරණ ඉල්ලීම ලබාදිය නොහැකි බවද ඇමැති නලින්ද ජයතිස්ස තවදුරටත් කීවේය.




