
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම භාරගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එජාප -සජබ එකතුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ සහ ජාතික සංවිධායක සාගල රත්නායක මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්රීපුද්ගල කමිටුවක් පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් සියලු සාකච්ඡා ඉහත ත්රීපුද්ගල කමිටුව විසින් මෙහෙයවන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එජාප- සජබ එකතු කිරීමේ වැඩකටයුත්තට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම ඉදිරිපත් වීම පිළිබඳව විශේෂ කෘතඥතාවය පළ කරන බවද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් අවධාරණය කර සිටී.




