
පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා ලබාදීමට ඉන්දියාව සිය කැමැත්ත පළ කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ වන විටත් ගුවන්යානා ප්රවාහනය කරනු ලබන ඉන්දීය නෞකාවක් කොළඹ වරාය තුළ නැංගුරම්ලා ඇති අතර එම නෞකාවේ ඇති හෙලිකොප්ටර් යානා මේ සඳහා ලබා දීමට නියමිත බව වාර්තා වේ.
ශ්රී ලංකා රජය විසින් විධිමත්ව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාව මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන් වේ.




