
අද (21) සහ හෙට (22) යන දිනයන්වල ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව පැවසුවත් අද දිනයේ කොලොන්නාව නිමාවෙන් බවුසර් සඳහා ඉන්ධන නිකුත් නොකෙරෙන බව වාර්තා වෙයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඇනවුම් කළ ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් අද උදෑසන කොලොන්නාව නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් වලට ඉන්ධන නොලැබීමෙන් ආපසු හැරී යාමට සිදුවිය.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ඊයේ (20) පැවසුවේ සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවය.
කෙසේවෙතත් එවන් පසුබිමක මෙලෙස අද කොලොන්නාව නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් ඉන්ධන නොලැබීමෙන් හැරී යන අයුරු දක්නට ලැබුණි.




