
හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පොලීසිය පැවසුවේ මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.
අදාළ හෝටලයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රී පවත්වනු ලැබූ සාදයක් අතරතුරදී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව තිබේ.
අදාළ පහරදීම සිදුකළ බවට සැකපිට එම විශ්වවිද්‍යලයේම සිසුන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




