
දියුණු ගවයන්ගේ තෝරාගත්ත ශුක්‍රාණු මෙරටට ගෙනැවිත් මෙරටට උචිත ලෙස කර්මාන්තය ගොඩනගන සැලැස්මක සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
ඒ හරහා ඉතාමත් දියුණු සතුන් පහළොස් දහසකට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමට සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.
‘හොඳම සත්තු ලබා දීම සඳහා අපි වැඩසටහනක් දියත් කරන්න සැලසුම් කරලා තියෙනවා.
විශේෂයෙන්ම ආයනික ලිංග නීරණය කළ ශුක්‍ර වඩි ආනයනය කරලා ඒ තුළ ඉතාමත්ම දියුණු සත්තු පහලොස්දහක්ට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමේ සැලැස්මක් මේ වෙනකොට අපේ දෙපාර්තමේන්තුව සැලසුම් කරලා තියෙනවා.
පහුගිය කාලේ ඕස්ට්‍රේලියාවෙන් ගෙනාව හරක් ගෙනල්ල විශාල විනාශයක් රටට කෙරුවා.
ඒ හරක් ඇත්තටම අපේ රටට ගැලපෙන්නේ නැහැ. හරක් 5000ක් ගෙනල්ලා අද හරක් 400ක්වත් නැහැ. ඒ හරක්ට ලෙඩ තිබුණා. එහෙමනම් ඒක තුළ විශාල අකටයුතුකම් ගොඩක් සිද්ධ වෙලා තිබෙනවා.
ඒ නිසා අපි එවැනි දේවල් තෝරනවා වෙනුවට ඒ දියුණු සතුන්ගේ තෝරගත්ත ශුක්‍රාණු අපේ රටට ගෙනල්ලා අපේ සත්තුන්ට අපිට උචිත විදිහට මේ කර්මාන්තය ගොඩනගෙන සැලස්මක තමයි අපි ඉන්නේ.
විශාල ඩොලර් ප්‍රමාණයක් අපි කිරි සහ කිරි ආශ්රිත නිෂ්පාදන වෙනුවෙන් අපි පිටට යවනවා
මෙන්න මේක උපරිම අවම කර ගැනීම සහ මේකට නැවතීමේ තිතක් තැබීම දක්වා මේ කර්මාන්තය ඉහළට ඔසවා තැබීම තමයි අපේ ඉලක්කය’




