
එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ වත්මන් ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට රජයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔහුගේ තානාපති ධුර කාලය ලබන ජූලි මාසයෙන් අවසන් වීමට නියමිතව තිබියදී මෙම ඉල්ලා අස්වීම සිදු කර ඇත.
මහින්ද සමරසිංහ මහතාගේ සේවය ඉදිරියටත් දේශපාලනික වශයෙන් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.
මෙරට දේශපාලන ක්ෂේත්රයේ දිගුකාලීන අත්දැකීම් ඇති ඒ මහතා, 2021 වසරේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී විදේශ සේවය සඳහා එක්විය.
ශ්‍රී ලංකාව මුහුණ දුන් පසුගිය දරුණු ආර්ථික අර්බුදකාරී සමයේ සිට මේ දක්වා කාලය පුරා තානාපතිවරයකු ලෙස ඔහු ඉටුකළ මෙහෙය කැපී පෙනෙන එකකි.




