
මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් 32,000ක භූමි ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් ස්වාභාවික වායු ගවේෂණ කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අක්රම් ඉල්යාස් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය දශක කිහිපය තුළ ඛනිජ තෙල් ගවේෂණය සඳහා ගිවිසුම්ගත වූ සමාගම් නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් එම ගවේෂණ කටයුතු අඩපණ වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, පවතින දත්ත අනුව මෙරට මුහුදු සීමාවේ සියයට 70ක සම්භාවිතාවකින් යුත් ස්වාභාවික වායු නිධි පවතින බව හඳුනාගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ගැඹුරු මුහුදේ කැණීම් තාක්ෂණය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, සුදුසු ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම සඳහා ඉදිරි වසරක් තුළ බලපත්‍ර 08ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ සඳහා පුළුල් ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.
මේ අතර, වාර්ෂිකව මෙරට මුහුදු සීමාව හරහා නෞකා 50,000ක් පමණ ගමන් කරන බැවින්, ස්වාභාවික වායු සහ ඉන්ධන ගවේෂණ කටයුතු සාර්ථක කරගත හැකි වුවහොත් එම නෞකා සඳහා ඉන්ධන සැපයීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමඟින් මෙරට ඉන්ධන ආනයනය සඳහා වැයවන මුදල් අවම කරගැනීමට හැකි වන අතර, දේශීය කර්මාන්ත ක්ෂේත්රයටද විශාල ප්රතිලාභ අත්කර දිය හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
විදුලි බිල්පත් ක්රමයටත් අලුත් වෙනසක්
මේ අතර, මෙරට විදුලි බිල්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරමින් පාරිභෝගිකයන් සඳහා ‘ස්මාර්ට් මීටර්’ සවිකිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද අක්රම් ඉල්යාස් මහතා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍ය ණය පහසුකම් ලබාගැනීමට සැලසුම් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




