
රට පුරා පැවැත්වෙන විරෝධතා සහ උද්ඝෝෂණ සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදීම අවශ්‍ය නොවන බවත්, සාමාන්‍ය පොලිස් ආරක්ෂාවක් ලබාදීම ප්‍රමාණවත් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

මේ දිනවල විවිධ පාර්ශ්ව විසින් රටේ ස්ථාන කිහිපයක සංවිධානය කරන විරෝධතා සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
එමෙන්ම එවැනි විරෝධතා විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවක් දැනට නොමැති බවද අමාත්‍යවරයා පවසා ඇත.
මේ අතර, විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීමේදී රථවාහන ගමනාගමනයට සහ සාමාන්‍ය ජනතාවට අවහිර නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දී තිබේ.
යම් අවශ්‍යතාවක් මතුවුවහොත් පොලිසිය නීතියට අනුව අවශ්‍ය පියවර ගනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.




