
” සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු ලිපියක් මගින් එම කොට්ඨාසයට දැනුම් දී ඇත්තේ රෝගී තත්ත්වයකට ප්රතිකාරගැනීම සඳහා විදේශගතව සිටින බැවින් මෙම අවස්ථාවේ එම කොට්ඨාසය හමුවේ පෙනී සිටිය නොහැකි බවය.
එමෙන්ම යළි දිවයිනට පැමිණි විගස එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින බව ද එම ලිපියෙන් දැනුම් දී ඇත.




